October 26, 2023

හිටපු යුද හමුදාපති ජනරාල් (විශ්‍රාමික) ලයනල් බලගල්ල අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අභාවප්‍රාප්ත වී ඇත.

ඔහුගේ දේහය කඩුවෙල කොතලාවල සමනල පාරේ අංක 21/12 දරන ස්ථානයේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජනරාල් (විශ්‍රාමික) බලගල්ල 2000 – 2004 කාලය තුළ 16 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

එමෙන්ම ඔහු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසද සේවය කළේය.