
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ මුදල් නෝට්ටු විශාල සංඛ්‍යාවක් ළඟ තබාගෙන සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවකු සහ ත්‍රිරෝද රථ රියදුරකු පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 250ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 27ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි උපාධි අපේක්ෂකයෙකු සහ මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු බවට හඳුනාගෙන ඇත.
අලිමංකඩ මුරපොලට අනුයුක්ත පලෙයි පොලිසියේ නිලධාරීන් විසින් මෙම තරුණයන් දෙදෙනා යාපනයේ සිට කිලිනොච්චිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදිය පිළිබඳව සැක මතුවී. එය පරීක්ෂාවට ලක් කර තිබේ.
ඔවුන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart