
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීරයේ මුසාෆරාබාද් අසල ඇබොටාබාද් ප්රදේශයේ දැවැන්ත ලැව්ගින්නකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
ලැව්ගින්න විශාල ප්රදේශයක් පුරා පැතිරී ඇති අතර, මිල කළ නොහැකි ඔලිව් දැව ටොන් ගණනක් විනාශ වී තිබේ.
මෙම ලැව්ගිනි ප්රදේශයේ වැසි චක්රයට ද බලපා තිබේ.
ඒ හේතුවෙන්, ප්රදේශවාසීන් ගැටළු රැසකට මුහුණ දී ඇත.
“මිනිසුන් උත්සාහ කරන්නේ තමන්ගේම නිවාස ආරක්ෂා කර ගැනීමටයි, මුළු වනාන්තරයම දැවී ගියත් ඔවුන්ට කමක් නැත. මෙහි ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කර නොමැති නිසා ලැව්ගින්න පාලනය කළ නොහැකි. මේ ලැව්ගින්න ගැන බලධාරින් තැකීමක් හෝ සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙය සලකා බැලිය යුතු කරුණක්” යන්න ප්රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කර තිබේ.
මුසාෆරාබාද් අවට ප්රදේශ කලාපයේ ජල රක්ෂිත ක්ෂය වී ගොස් ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, බලධාරීන් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.
එහි ප්රදේශවාසියකු වන රාජා මුහම්මද් මුම්ටාස් පවස ඇත්තේ, “ලැව් ගිනි, දඩයම් කිරීම, ජාවාරම් සහ දූෂණය වැනි හේතු නිසා අපගේ වනාන්තර සෑම දිනකම විනාශ වෙමින් පවතී. රජය වනාන්තරවල වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. මෙම සම්පත්වල වැදගත්කම ජනතාව තේරුම් නොගන්නා තෙක් සහ ඒවාට අයත් යැයි හැඟීමක් ඇති නොවන තාක් කල්, තත්වය යහපත් නොවනු ඇත. අධික ජනගහනය සහ නිසා මෙහි වනාන්තර විනාශ වෙමින් පවතී.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart