February 9, 2026

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසියට ලැබි ඇති පැමණිලි අනුව තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට සම්භාහනය සදහා ප්‍රංශ ජාතික කාන්තාවක ගොස් ඇත.

එම අවස්ථාවේ සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියගේ සැමියා තමාට ලිංගික අතවරයක් කළ බවට ඇය සිය ඉන්දීය ජාතික මිතුරකුට පවසා ඇත.

පසුව ඒ පිළිබඳ විමසිමට ඉන්දීය ජාතිකයා එහි ගිය අවස්ථාවේ ඇතිවු බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, සැකකාර ඉන්දීය ජාතිකයා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පහරකෑමට ලක්වු පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇති බවත් වාර්තා සඳහන් කරයි.

අතවරයට ලක්වු බව කියන ප්‍රංශ ජාතික කාන්තාවද අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිම සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බව පැවැසේ.