
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ජිනීවා නුවර සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එම නගරයේ අන්තර්ජාතික බෞද්ධ ආයතන කිහිපයකට ගොස් ඇත.
අමාත්‍ය විජිත හේරත් ජිනීවාහි අන්තර්ජාතික බෞද්ධ පදනම සහ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය වෙත ද ගොස් තිබේ.
එහිදී අමාත්‍යවරයා පූජ්‍ය හාල්යාලේ විමලරතන හිමි අන්තර්ජාතික බෞද්ධ පදනමේ අනෙකුත් හිමිවරුන් හමුවිය.
සංස්කෘතික අවබෝධය ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා බෞද්ධ ප්‍රජාවගේ වැදගත් දායකත්වය එහිදී සිදු කළ සාකච්ඡාවෙන් පිළිබිඹු වුණු බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
මේ අතර ජිනීවා අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍ය හේරත් අතිපූජ්‍ය මහාචාර්ය මඩවල සීලවිමල හිමියන්, අතිපූජ්‍ය තවලම ධම්මික හිමියන් සහ පූජ්‍ය හල්විටිගල සුජාත හිමියන් බැහැදැක සාකච්ඡා කර ඇත.
අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ එහි ගෝලීය සම්බන්ධතා පිළිබඳ අදහස් බෙදාගැනීමට එය අර්ථවත් අවස්ථාවක් වූ බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා නුවරට ගොස් සිටින අතර එය සැසිය ඔක්තෝබර් 08 වැනිදා දක්වා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart