
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ වැඩමුළුවක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
මෙහි පියවරක් ලෙස, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන්ගේ (Virtual Asset Service Providers – VASPs) නීති කෙටුම්පත් කිරීමේදී මෙම තාක්ෂණය අත්හදා බැලීමට යෝජනා වී ඇත.
‘Better Tools for Better Lawmaking’ යන තේමාව යටතේ පැවැති මෙම වැඩමුළුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කර තිබිණි.
ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී, නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට AI එකතු කිරීමේ මාර්ග සිතියම ඉදිරිපත් කෙරිණි.
AI තාක්ෂණය මගින් නීති කෙටුම්පත් කිරීම, ඒවායේ වලංගුභාවය පරීක්ෂා කිරීම මෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලේඛන සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහිදී නිරූපණය විය.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී දත්ත සූදානම සහ ආරක්ෂණ ක්‍රමවේද භාවිත කරන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart