
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ෆිෆා (FIFA) පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ උණුසුම් තරග කිහිපයක් ඊයේ (ජූනි 13) නිමාවට පත්විය.
ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගත් මෙම තරගවලදී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමලකුණු මට්ටමකින් නවතාලීමට මොරොක්කෝව සමත් වූ අතර, වසර 28කට පසු ලෝක කුසලාන වේදිකාවට පිවිසි ස්කොට්ලන්තය හයිටි රාජ්‍යය පරදවා සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කළේය.
ස්විට්සර්ලන්තය විස්මයට පත්කරමින් කටාර් පිලෙන් ඓතිහාසික දක්ෂතාවයක්
මේ අතර, ස්විට්සර්ලන්තය සමඟ පැවති තරගයේදී අවසාන මොහොතේ වාර්තා කළ ගෝලයක් හේතුවෙන් ඓතිහාසික සමලකුණු ප්‍රතිඵලයක් ලබාගැනීමට කටාර් රාජ්‍යය සමත්විය.
සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී පැවති B කාණ්ඩයේ තරගයෙන් ප්‍රබල ස්විට්සර්ලන්තය සමඟ 1-1ක් ලෙස සමලකුණු වෙමින් තම ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ප්‍රථම ප්‍රසාද ලකුණ දිනාගැනීමට කටාර් රාජ්‍යය සමත් විය.
2022 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී සියලු තරග පරාජය වූ කටාර් පිල විදේශීය බිමකදී ලැබූ මෙම ප්‍රතිඵලය ඔවුන්ගේ පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
තරගය පුරාවටම ස්විට්සර්ලන්ත කණ්ඩායම දැඩි ආධිපත්‍යයක් පැතිරවූ අතර කටාර් ගෝල සීමාව වෙත ප්‍රහාර 26ක් එල්ල කළේය.
තරගයේ 17 වැනි විනාඩියේදී කටාර් ගෝල් රකින ක්‍රීඩක මහමුද් අබුනාදා විසින් සිදුකල වැරැද්දක් හේතුවෙන් ස්විට්සර්ලන්තයට දඬුවම් අවස්ථාවක් හිමිවිය.
එය සාර්ථකව දැල තුළට යොමු කළ බ්‍රීල් එම්බෝලෝ ස්විට්සර්ලන්තයට 1-0ක පෙරමුණක් ලබාදුන්නේය.
ස්විට්සර්ලන්තය තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වූ වද, තරගයේ අතිරේක කාලයේදී (94 වැනි විනාඩියේදී) කටාර් කණ්ඩායමේ හොමාම් අහමඩ් එල්ලකළ අගනා පන්දු පිරිනැමීමක්, ප්‍රධාන පෙළේ ආරක්ෂක ක්‍රීඩක බූලෙම් කුකී හිසෙන් දක්ෂ ලෙස දැල තුළට යොමුකළේය.
ඒ සමඟම මුළු ක්‍රීඩාංගණයම ප්‍රීති ඝෝෂාවෙන් ඇළලී ගිය අතර තරගය 1-1ක් ලෙස නිමාවට පත්විය.
මේ අතර, නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් මැද පැවති බ්‍රසීල-මොරොක්කෝ තරගය ද 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
ස්කොට්ලන්තය වසර 36කට පසු ලෝක කුසලාන තරගයක් ජයගනී
ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම පසුවන කණ්ඩායම් දෙකක් අතර පැවති මෙම ගැටුම ප්‍රේක්ෂකයින්ට දැඩි උද්යෝගයක් ගෙනදුන්නේය.
තරගයේ පළමු අර්ධයේදී අප්‍රිකානු ශූර මොරොක්කෝ කණ්ඩායම වෙනුවෙන් 20 වන විනාඩියේදී ක්‍රියාත්මක වූ ඉස්මයිල් සයිබාරි විශිෂ්ට ගෝලයක් ලබාගනිමින් මොරොක්කෝවට 1-0ක පෙරමුණක් ලබා දුන්නේය.
කෙසේවෙතත්, බ්‍රසීල කණ්ඩායම ප්‍රහාරය හමුවේ පසුබට නොවූ අතර 31 වන විනාඩියේදී රියල් මැඩ්රිඩ් තරුව විනිසියස් ජූනියර් බ්‍රසීලය වෙනුවෙන් සමකරන ගෝලය වාර්තා කළේය.
මෙම ප්‍රතිඵලයත් සමඟ 1934 වසරෙන් පසුව ලෝක කුසලාන සමාරම්භක තරගයකදී තමන් සතු අපරාජිත වාර්තාව රැකගැනීමට බ්‍රසීලය සමත් විය.
ස්කොට්ලන්තය වසර 36කට පසු ලෝක කුසලාන තරගයක් ජයගනී
ඊයේ පැවති අනෙක් තරගයෙන් හයිටි රාජ්‍යය 1-0ක් ලෙස පරාජය කිරීමට ස්කොට්ලන්තය සමත් විය.
බොස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ස්කොට්ලන්ත පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.
මන්දයත්, මෙය ස්කොට්ලන්තය විසින් 1990 වසරෙන් පසුව ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කරන ලද පළමු තරග ජයග්‍රහණය වන බැවිනි.
තරගයේ 27 වන විනාඩියේදී ජෝන් මැක්ගින් එල්ල කළ ප්‍රහාරය හයිටි ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ ඇඟේ වැදී දැල තුළට ඇතුලු විය.
එම ගෝලය තරගයේ තීරණාත්මක ගෝලය බවට පත් වූ අතර, ස්කොට්ලන්ත ආරක්ෂක වළල්ල බිඳලීමට හයිටි පිලට අවස්ථාවක් නොලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart