
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරයේ නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත නිල ප්‍රදර්ශන වැඩසටහනට පෙර, මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා (Passenger Drones) පරික්ෂා කිරීමේ පියාසර කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
ශ්‍රී ලංකාවට විදුලි මගී ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වාදීමේ පූර්ව සූදානමක් ලෙස මෙම පරීක්ෂණ පවත්වාගෙන යන අතර, වරාය නගර පරිශ්‍රයේදී මෙම ඩ්‍රෝන යානයක් පරීක්ෂාවට ලක්කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද ප්‍රකාශයට පත්ව ඇත.
සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබස්වන (eVTOL) ගුවන් යානා පිළිබඳ විශේෂඥතාවක් දක්වන චීන ගුවන්යානා තාක්ෂණික සමාගමක් වන ‘EHang Holdings’ සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයයි.
මගී ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය සහ භාණ්ඩ ප්‍රවාහන (Logistics) ක්ෂේත්රයේ විභව භාවිතයන් සඳහා මෙම තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කෙරෙමින් පවතී.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මෙම නිල ප්‍රදර්ශන වැඩසටහන මගින් නාගරික ගුවන් ගමනාගමන (Urban Air Mobility) කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් සඳහා නව සංචාරක අත්දැකීම් ලබාදීමට මගී ඩ්‍රෝන යානා සතු හැකියාව ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම තාක්ෂණය හඳුන්වාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, EHang Holdings සමාගම සහ අදාළ රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මගීන් දෙදෙනකුට ගමන් කළ හැකි ප්‍රථම ගුවන් යානය මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
හදිසි වෛද්‍ය ප්‍රවාහන කටයුතු සහ දුරස්ථ ප්‍රදේශ වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහාද මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකාව තුළ මගී ඩ්‍රෝන සේවාවන් පුළුල් ලෙස ආරම්භ කිරීමට පෙර, මෙම ගුවන් යානයේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් ඇගයීමට නොවැම්බර් 11 වනදා පැවැත්වෙන නිරූපණ වැඩසටහන මගින් අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.(Newswire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart