
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කළු පාලම අසලදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරය තුළ පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
අනතුරෙන් අටදෙනෙකු (08) බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබමින් සිටියදී පස්දෙනෙකු (05) ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවූ පිරිසකි.
තුවාල ලැබූ අනෙක් තිදෙනා (03) මේ වන විට මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart