
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් නිමල් ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමකගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරෙන නව සන්ධානයට දේශපාලන පක්ෂ 05ක් එක්කර ගැනීමට දැනටමත් සකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම නව සන්ධානයේ මංගල රැලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පවත්වනු ඇත.
ලංසා මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම කොළඹ රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි සන්ධානයේ කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ මෙම සාකච්ඡා ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන කලකිරී සිටින කණ්ඩායම්ද මේ අතර වන බව වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ඇමැති නලින් ප්‍රනාන්දු, ඇමැති මහින්ද අමරවීර සහ ප්‍රියංකර ජයරත්න යන අය දැනටමත් ලාන්සා මන්ත්වරයා හමුවී සන්ධානය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart