
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද ශ‍්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි හතර වටයේ තරගයේදී පාකිස්ථානය සිය කණ්ඩායමේ වෙනස්කම් පහක් සිදුකර ඇති බව වාර්තා වේ.
ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට යොවුන් ක්‍රීඩක මොහොමඩ් හරිස් ඇතුළත් කර තිබේ.
ෆකාර් ආසියානු කුසලානය පුරාවටම ලකුණු අතර නොසිටි අතර ඉහළම ලකුණු සංඛ්‍යාව 27 ක් සහ මුළු ලකුණු 61 ක් සමඟ සාමාන්‍ය 20.33 ක් ලෙස පමණක් රදවාගනු ලැබිණ.
කෙසේවෙතත්, ඔහු වසර ආරම්භයේදී නවසීලන්තයට එරෙහිව අඛණ්ඩව එක්දින ශතක තුනක් ලබා ලබාගෙක එම්ආර්එෆ් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පවා පැමිණීමට සමත් විය.
ෆකාර් සමඟින් තුන් ඉරියව් ක්‍රීඩක ෆහීම් අෂ්රෆ් ද ඉවත් කර ඇති අතර තුවාල හේතුවෙන් නසීම් ෂා, හරිස් රවුෆ් සහ සල්මන් අලි අගා ද අද තරගයට ක්‍රීඩා නොකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart