
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2008 සහ 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
2008 සහ 2009 වසරවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියට අදාළව තමා ඇතුළු කිහිපදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවක් විභාග කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා අදාළ පෙත්සම ගොනුකර තිබේ.
ඒ අනුව මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2024 සැප්තැම්බර් 25 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා මෙම පෙත්සම මගින් චෝදනා කර ඇත්තේ, වසර 10ක් පුරා මෙම නඩුවේ විමර්ශන කටයුතු සිදු කර 150කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතත්, අදාළ තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වැරදිකරු බව ඔප්පු කිරීමට සාක්ෂි අනාවරණය කර ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart