
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 – 2025 වර්ෂවලදී වේගයෙන්ම වර්ධනය වන රටවල් අතරට ඉන්දියාව පත්වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) අපේක්ෂා කරයි.
2030 වර්ෂය වනවිට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජපානයට වඩා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් ඉන්දියාව ආසියා-පැසිෆික් කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වේ.
ප්‍රධාන විදේශීය වෙළෙදපොලවලද මන්දගාමී වර්ධනයක් තිබියදීත්, ඉන්දියාවේ ශක්තිමත් ආර්ථික වර්ධනය සමාගම්වල ඉල්ලුම ඉහළ නංවනු ඇති බවටද අපේක්ෂා කෙරේ.
“සිමෙන්ති, විදුලිය සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ඉල්ලුම ශක්තිමත්ව පවතිනු ඇත. 2023 දී අධි-සංඛ්‍යාත දත්ත පූර්ව Covid-19 වසංගත මට්ටමට වඩා ඉහළින් පවත්වා ගෙන යනු ඇත. ඉන්දියාවේ ඉහළ යන යටිතල පහසුකම් වියදම්ද වානේ ඉල්ලුම ඉහළ නංවනු ඇත. මෝටර් රථ අලෙවිය දිගටම ඉහළ යනු ඇත” යනුවෙන් ඒ පිළිබදව වාර්තාවක් මගින් ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය දක්වා තිබේ.
2023-24 සහ 2024-25 මූල්‍ය වර්ෂ සඳහා සියයට 6.5ක ආර්ථික වර්ධනයක් ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් පුරෝකථනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart