
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැයේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක වනු ඇති බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්(Fitch Ratings) පවසයි.
කෙසේවෙතත් ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියක් අපේක්ෂා කරන බවද Fitch Ratings සඳහන් කරයි.
මෙවර අයවැයෙන් බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.1% ක් බවට ශ්‍රී ලංකාව කර ඇති ඇස්තමේන්තුව ඊට වඩා පුළුල් විය හැකි බව Fitch Ratings පෙන්වාදෙයි.
Fitch Ratings පවසන්නේ, ආදායම්, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය උපකල්පනය කර ඇති මට්ටමට වඩා පහළ අගයයක් ගනු ඇති බවයි.
2024 දී රජයේ ආදායම් සැළකිව යුතු අවදානමක පවතින බව Fitch Ratings සඳහන් කරයි.
2023 මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකාව ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ආදායම් රැස් කිරීම 29% කින් අඩු වී ඇති බව ඊට හේතුව වශයෙන් Fitch Ratings සඳහන් කර තිබේ.
කෙසේවෙතත් අධිකාරීන් විසින් 2024 ආදායම 45% කින් පමණ ඉහළ නංවා ගැනීමට ඉලක්ක කර ඇත.
ඒ සඳහා එකතු කළ අගය මත බදු අනුපාතය 18% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සහාය දක්වනු ඇති බව Fitch Ratings වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart