
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකාවේ නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ 2025 ජනවාරි 31 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි රජයේ මන්දිරයේදී පැවති අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී නවසීලන්ත ආණ්ඩුකාර ජෙනරාල් ඩේම් සින්ඩි කිරෝ වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.
නවසීලන්ත-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා, වෙළඳ, ක්‍රීඩා, අධ්‍යාපනය, සංචාරක සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මහකොමසාරිස් ගමගේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා රජයෙන් උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර නවසීලන්තය සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රකාශ කර ඇත.
බහුපාර්ශ්වික සංසදවල සහයෝගයෙන් කටයුතු කිරීමේදී සහ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී නවසීලන්තය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ඔහු අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳව ද මහකොමසාරිස් ගමගේ ආණ්ඩුකාරවරවරයාට පැහැදිලි කර ඇත.
ආණ්ඩුකාර ජෙනරාල් ඩේම් කිරෝ මහකොමසාරිස් ගමගේට සිය සුභ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නවසීලන්තයේ කැපවීම නැවත තහවුරු කර තිබේ.
නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සැලකිය යුතු දායකත්වය ඇය අවධාරණය කළ අතර, වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පිහිටුවීම නිල වශයෙන් පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart