
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අදාළ කමිටුවෙන් ඉවත්ව ඇති බැවින්, කමිටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පමණක් රැස්වනු ඇත.
එම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.
එහිදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර, කමිටුවෙන් ඉවත්වූ විපක්ෂයේ සාමාජිකයන් වෙනුවට ඊට නව සාමාජිකයන් පත්කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන සුදානම් වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart