
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ආර්යාව වන ජිල් බයිඩන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
“අද(09) සවස ජනාධිපති ආර්යාව කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළා. ඇය දැනට අත්විඳින්නේ මෘදු රෝග ලක්ෂණ පමණි. ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටිනු ඇත” යැයි ධවල මන්දිරය පවසා තිබේ.
ධවල මන්දිරයට අනුව 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන්ටද කොවිඩ් පරීක්ෂාවක් සිදුකර ඇති නමුත් ඔහුට වෛරසය අසාදනය වී නැත.
ධවල මන්දිර පරිපාලන නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා ඇත්තේ, ධවල මන්දිර කොවිඩ් ප්රොටෝකෝලවල හෝ ජනාධිපතිවරයාගේ කාලසටහනේ මේ අවස්ථාවේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
72 හැවිරිදි ජනාධිපති ආර්යාවගේ රෝග විනිශ්චය සිදුකර ඇත්තේ, පෙර දින ෆිලඩෙල්ෆියා හි කම්කරු දින දේශනයක් වෙනුවෙන් ජෝ බිඩෙන් සමග සහභාගී වීමෙන් අනතුරුවය.
බ්රහස්පතින්දා ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා පිටත්ව යාමට පෙර ජනාධිපතිවරයා අඟහරුවාදා ධවල මන්දිරයේ උත්සවයකදී හමුදා කපිතාන්වරයෙකුට ගෞරව පදක්කම පිරිනැමීමටද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart