
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ගන්වා තිබේ.
මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරඟකරුවන් 10 දෙනෙකු නම්කර තිබිණි.
අනුශූරතා ප්‍රංශයේ AI තරඟකාරිය වන Lalina Valina සහ පෘතුගාලයේ Olivia C විසින් දිනාගෙන ඇත.
තරගාවලියේ පළමු රූ රැජින ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු Kenza Layli හට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් සහ TikTok හි තවත් අනුගාමිකයන් 45,000ක් පමණ සිටින බව පැවසේ.
ඇගේ පින්තූරවල සිට පිළිගැනීමේ කතාව දක්වා සියල්ල සම්පූර්ණයෙන්ම AI මගින් ජනනය කර ඇත.
මෙම කිරුළ ජයග්‍රහණය කිරීම AI තාක්ෂණය දියුණු කිරීමේ සිය වැඩ කටයුතු කරගෙන යෑමට තවත් රුකුලක් බව Layli වීඩියෝවකින් ප්‍රකාශ කර තිබිණි.
“AI යනු මෙවලමක් පමණක් නොවේ; එය සම්මතයන්ට අභියෝග කිරීමට සහ පෙර නොතිබූ අවස්ථාවන් නිර්මාණය කිරීමට හැකි පරිවර්තනීය බලවේගයක්” යනුවෙන් ඇය සඳහන් කරයි.
AI සහ මානව නිර්මාණකරුවන් සඳහා වේදිකාවක් වන Fanvue පවසන පරිදි ඔවුන් සංවිධාන කළ මෙමෙ තරගාවලියට ලොව පුරා AI
වැඩසටහන්කරුවන් 1,500ක් පමණ සහභාගී වී ඇත.
Layli නිර්මාණය කරන ලද්දේ Phoenix AI නියෝජිතායතනයේ නිර්මාතෘ Myriam Bessa විසිනි.
තරඟ සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණේ තරගකාරියන් ඔවුන්ගේ පෙනුම මත පමණක් නොව, ඔවුන්ගේ නිර්මාපකයන්ගේ AI මෙවලම් භාවිතය මෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය බලපෑම මත ද විනිශ්චය කරනු ලබන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart