
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුදල් ඇමැති රාධක්‍රිෂ්ණ විඛේ පාටිල් ‘ධංගර්’ ජන කොට්ටාශයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී එහි සිටි පිරිසක් විසින් කහ දියර ප්‍රහාරයක් ඇමැතිවරයාට එල්ලකර ඇත.
ඔවුන් විසින් ඇමතිවරයාට ලබා දුන් ලිපියක් කියවමින් සිටින අතරතුර මෙලෙස කහ ඉසීම සිදු කර ඇති අතර, එය සිදුකළ පුද්ගලයාට එහි සිටි ආරක්ෂ අංශ විසින් පහර දී තිබේ.
එලෙස පහර කෑ පුද්ගලයා ශේකර් බංගලේ වන අතර, ඔහු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියේ, ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබදව රජයේ අවධානය දිනාගැනීම සදහා මෙය සිදු කළ බවත්, තම ප්‍රජාවගේ ඉල්ලීම් ඉටුනොකළහොත් මහා ඇමති ඇතුළු රාජ්‍ය ඇමතිවරුන්ට කළු තීන්ත ප්‍රහාර එල්ල කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඇමති පවසා සිටියේ, ආගමික වතාවත්වලදී කහ කුඩු භාවිත කරන අතර එය ශුද්ධ ලෙස සළකන බැවින් එය වරදක් ලෙස තමා නොසිතන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart