
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර ලබන 09 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේතාත්මක වැඩවර්ජනය තාවකාලිකව ඊයේ (06) අත්හිටුවනු ලැබීය.
සංගමයේ ගැටලු සාකච්ඡා කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අවස්ථාවක් ලබාදීම පදනම් කර ගනිමින් දින කිහිපයක් සිදුකළ මෙම සංකේතාත්මක වැඩ වර්ජනය ඊයේ (06) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉන්දියාවේ නවදිල්ලි නුවර සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ඊයේ (06) මෙරටින් පිටත්ව ගියේය.
අමාත්‍යවරයා නැවත මෙරටට පැමිණි පසුව අනිද්දා (09) සංගමය සමඟ ගැටලු සාකච්ඡාවට අවස්ථාවක් ලබාදී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart