
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022/23 ලෝක ටෙස්ට් ශුරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන අවසන් මහා තරගය එංගලන්තයේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේදි අද (7) ඇරඹෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වන තරගයේ පළමු දින තුන සදහා ඉතා හොද කාලගුණික තත්ත්වයක් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට පවතින බව එරට කාලගුණික අංශ පවසා ඇත.
තරගයේ හතරවන දිනය සදහා පමණක් යම් වැසි තත්ත්වයක් බලාපෑ හැකි බවද සදහන් වේ.
තරගාවලියේ ජයග්‍රහකයන්ට පිරිනැමෙන කුසලානයට අමතරව ඩොලර් මිලියන 1.6 ක ත්‍යාගයක් ද හිමි වේ. අනුශූරයන් සදහා ඩොලර් 800,000 පිරිනැමෙයි.
තරගය සදහා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියානු කණ්ඩායම්වල ක්‍රීඩකයෝ සිය පුහුණුවීම්වල පසුගිය දින කිහිපයක තුළ නිරතවූහ.
කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකම මෙවර අවසන් තරගයට එක්ව ඇත්තේ සිය පරිපුර්ණ ක්‍රීඩකයින් කිහිපදෙනකු නොමැතිවය.
රිෂාබ් පාන්ට්, ජස්ප්‍රිත් බුම්රා, කේ. එල්. රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් වැනි තීරණාත්මක ක්‍රීඩකයින් නොමැතිව ඉන්දියාව අවසන් තරගයට සහභාගි වෙයි.
එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජොස් හසල්වුඩ්ද අබාධයකට ලක්ව තිබේ. අවදානමක සිටි ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අවසන් මොහොතේ කණ්ඩායමට එක්වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදි ඇතිවු අබාධයක් හේතුවෙනි. මෙම ලෝක ශුරතා අවසන් ටෙස්ට් තරගය පැට් කමින්ස්ගේ 50 වන ටෙස්ට් තරගයයි.
ඩෙවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන අතර ට්‍රැවිස් හෙඩ් අංක 05 පිතිකරු ලෙස නම් කර තිබේ.
රෝහිත් ෂර්මා සහ සුබ්මන් ගිල් ඉන්දිය ඉනිම ආරම්භ කරයි. පුජාරා අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසෙන අතර කඩුලු රැකිමේ වගකීම ඉෂන් කිෂන්ට හෝ කේ.එස්.බහරට්ගෙන් කාට ලබාදෙන්නේද යන්න ගැන අවසන් තීරණයකට ඉන්දීය කණ්ඩායම පැමිණ නැත.
මොහොමඩ් සමි සහ මොහොමඩ් සිරාජ් ස්ථිර පන්දු යවන්නන් ලෙස තොරාගෙන තිබේ. රවිචන්ද්‍රන් අස්වින් ඇතුලු තරගයට සහභාගිවන අනෙක් පන්දුයවන්නන් කවුරුන්ද යන්න තරගය ආරම්භයට පෙර තිරණය කිරිමටයි ඉන්දියාව සැලසුම් කර ඇත්තේ.
සවුත්ඇම්ටන් හිදි පැවැති පළමු ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගයේ දි ඉන්දියාව කඩුලු 08කින් පරාජයට කළ නවසීලන්තය ශුරතාවට හිමිකමි කිවේය.
ගිලිහුණු ශුරතාව ලබා ගැනීමේ අදිටනින් අද ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව ඕවල් ක්‍රීඩාංගනයට පිවිසෙනු ඇත. කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකම පසුගිය ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා පෙන්නුම් කළ බැවින් ප්‍රබල ටෙස්ට් තරගයක් දැක ගත හැකිවනු ඇති බව විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart