
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෙදුම්කරුවන් අයථා ලෙස 3% ක ලාභයක් ලබන බවට පුවත්පත්වල හා සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන ප්‍රචාරය අසත්‍ය බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඉහත කරුණ සම්බන්දයෙන් පසුගියදා පුවත්පත් හා සමාජ මාධ්‍යය ඔස්සේ සාවද්‍යය කරුණක් සමාජගත වීමක් සිදුවූ බව එම සංගමය කියයි.
නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මෙසේද සඳහන් කරයි.
‘මෙහි සඳහන් බෙදුම්කරුවන් ලබන අයුතු ලාභය යැයි සඳහන් කරන මුදල 2016 වර්ෂයේ සිට නිත්‍යානුකූලව සංස්ථාව මඟින් බෙදුම්කරුවන් වෙත ගෙවනු ලබන වට්ටම් මුදලයි. වරින්වර සංශෝධන සහිතව ක්‍රමානුකූලව ගෙවනු ලබන මෙම වට්ටම් මුදල බෙදුම්කරුවන්ගේ සම්පුර්ණ ලාභය නොවන අතර සේවක පඩි, විදුලි බිල්, ගොඩනැගිලි නඩත්තුව, ඇතුළු සියලු වියදම් මේ තුළින් ගෙවිය යුතු වේ. තවද 2024 වර්ෂය ආරම්භයේදී ඛණිජ තෙල් සඳහා වැට් ගෙවීමට යටත්වීමත් සමඟ බෙදුම්කරු වට්ටම සඳහා වන වැට් කොටස ගෙවීමද මෙම වට්ටම් මුදල තුළින් සිදුකළ යුතුය.
2022 වර්ෂයේ දී ඛණිජ තෙල් ක්ෂේත්‍රයට නව ආයතන 3ක් ඇතුළුවීමත් සමඟ එවකට බලශක්ති අමාත්‍යංශය හා සංස්ථාව එක්ව හඳුන්වාදුන් මිල සූත්‍රය තුළද බෙදුම්කරුවන්ගේ මෙම 3% හා 2.75% වට්ටම් මුදල ස්ථිර කර ඇත. එයට කැබිනට් මණ්ඩලයේ අවසරය ද හිමිව ඇත. මෙම මිල සූත්‍රය තුල බෙදාහැරීමේ ආයතන සඳහා 4% ක ලාභයක් හා 2% ක මෙහෙයුම් වට්ටමක් ලැබේ.
ඒ අනුව ඛනිජ තෙල් ආනයන කරන සමාගම් 6% ප්‍රතිශතය ලබාගනිද්දි පාරිභෝගික ජනතාවට ඉන්ධන සැපයීම සදහා මුදල ගෙවා ලබාගන්නා ඉන්ධන අලෙවි කිරිමේදි සියලුම වියදම් දරාගැනීම සඳහා ලබාදෙන 3% වට්ටම ප්‍රතිශතය තුළින් අයතු ලාභයක් ලබන බවට කරන චෝදනාව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය තරයේ ප්‍රතික්ෂේප කරමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart