
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනකු මියගොස් තිබේ.
දකුණු කොරියානු බලධාරීන්ට අනුව, දිවි ගලවාගත් දෙදෙනෙකු ගලවාගැනීමේ මෙහෙයුමකදී සුන්බුන් තුළ සිරවී සිටියදී බේරාගෙන ඇත.
එලෙස මුදාගෙන ඇත්තේ යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු සහ මගියෙකු බව වාර්තා වේ.
අනතුරට ලක්ව ඇත්තේ Jeju එයාර් විසින් මෙහෙයවනු ලබන Boeing 737-8AS වර්ගයේ අදාළ ගුවන් යානයකි.
එය තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාව දක්වා පියාසර කර තිබේ.
දකුණු කොරියාවේ MBC ජාලය විසින් විකාශනය කරන ලද වීඩියෝ පටවල දැක්වෙන පරිදි යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේදී එහි එන්ජින්වලින් දුමාරයක් පිටවෙමින් ධාවන පථයේ ගැටෙන අතර ඉන් සුළු මොහොතකට පසු යානය ගිනිගෙන දැවීයයි.
විමර්ශකයන් අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි දකුණු කොරියානු ජනමාධ්‍ය වාර්තා කරයි.
පෙරවරු 9:45 : Update – මේ වන විට අනතුරින් මියගිය ගණන 62 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart