October 27, 2025

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකු විසින් වායු රයිෆලයකින් සිදුකළ වෙඩිතැබීමකින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මාමණ්ඩිය සහ බෑණා අතර ඊයේ රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් වෙඩිතැබීම සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඉහළගල පදිංචිකරුවකු වන මියගිය බෑණා බරපතල තුවාල ලබා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලෙන්බිඳුණුවැව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.