
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල්ගස්ඕවිට, කෝරළඉම පදික මාරුවකදී වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සහෝදරියන් දෙදෙනකු ඊයේ (16) දින මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගෙන් එක් අයකුගේ දරුවන් දෙදෙනකු ද එම අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඊයේ රාත්‍රීයේ කාන්තාවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනා ඥාතියකුගේ අවමංගල්‍ය නිවසකට ගොස්, පදික මාරුවක් භාවිත කරමින් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇත.
හොරණ-කොළඹ මාර්ගයේ කෝරළඉම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, ගෝනපොල සිට කොළඹ දෙසට ගමන් කළ සුඛෝපභෝගී මෝටර් රථයක ඔවුන් ගැටී ඇත.
සහෝදරියන් දෙදෙනා සහ දරුවන් දෙදෙනා යන සිව්දෙනාම තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ප්‍රකාශ විය.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 11 සහ 17 වියැති දියණියන් දෙදෙනා සහ ඇගේ සහෝදරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර, දෙවැනි කාන්තාවද කළුබෝවිල රෝහලේදී මියගොස් ඇත..
මියගිය කාන්තාවන්ගෙන් එක් අයෙක් බණ්ඩාරගම, හේන්ගොඩ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇගේ සහෝදරිය වන 50 හැවිරිදි තිදරු මව බේරුවල, මාගල්කන්ද පංදිචිකාරිණියක් වේ.
බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහුගේ තුන් හැවිරිදි දියණිය සමඟ සිටි මෝටර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, පසුව පොලිසියට භාර වූ බව අනාවරණය විය.
28 හැවිරිදි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරගහහේන පොලිසියට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිට ඇත.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart