
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයෙන් ඉඟුරු ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ගොවීන් විරෝධය පළකර තිබේ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ චීනයෙන් ඉඟුරු මෙට්‍රික් ටොන් 3,000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය සුදුසු නොවන බවයි.
කෘෂිකර්ම හා වෙළඳ ඇමැතිවරුන් ගෙනෙන ලද යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇති බව රුණාරත්න ප්‍රකාශ කර ඇත.
දේශීය ගොවීන් ඉඟුරු සැළකිව යුතු ප්‍රමාණයක් වගා කර ඇති බවත් මුලින් ඉඟුරු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 2,000ක් පමණ වන මිලකට සතුටුදායක ලෙස අලෙවි වූ බවත් ඔහු පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් පසුගිය දා ගත් ක්‍රියාමාර්ගයත් සමඟ ගොවීන් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අසරණ වී ඇති බව කරුණාරත්න පවසයි.
පාරිභෝගිකයන් මෙම ඉඟුරු මිලදී නොගන්නා නිසා එහි සිල්ලර මිල පහත වැටී තිබේ.
කරුණාරත්න ප්‍රශ්න කරන්නේ දේශීය අස්වැන්න උපරිමව තිබියදී ඉඟුරු ආනයනය කිරීමට ඇති තාර්කික පදනමයි.
මෙම පියවරට එරෙහිව ගොවීන් දඹුල්ලට රැස්වී විරෝධතාවයේ නිරත වූ බවද ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.
ඉදිරි මාස තුන තුළ අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් අනුව ජුලි 15 කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඩී.වන්නිනායක පවසන්නේ ඉඟුරු බීජ හිඟයක් පැවතීම නිසා ඉඟුරු වගාව සහ දේශීය අවශ්‍යතා අතර නොගැළපීමක් පැවති බවයි.
තම සීමිත අස්වැන්න වැඩි මිලකට අලෙවි කිරීමට ගොවීන් ඉල්ලා සිටින බවත් එමඟින් ඉඟුරු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 6,000කට පමණ මිල කිරීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart