
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරුව දිස්ත්‍රික්කයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව නිසා එම දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නය සඳහා කුඹුරු වගා කටයුතු සිදුකළ වී ගොවීහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
ජලගැලීම නිසා සම්පුර්ණ කුඹුරු අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
ගොයම් ශාකයට දින තුනක පමණ කාලයක් ජලය පිරී තිබීමෙන් හානියක් සිදු නොවන අතර දැන් සති දෙකක පමණ කාලයක සිට සිය වගා බිම්වල ජලය බැස නොයෑම මත සම්පුර්ණ වගාවන් විනාශ වී වගාවන් පිදුරු තත්ත්වයට පත්ව තිබේ.
මෙම වගාවන්ට දින 45ක කාලයත් ගත වී සරුවට ගොයම් ගස් හැදෙන අවස්ථාවේ තම වගාව ජලගැලීමට හසුවුණු බව පවසමින් පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවක නියැලිණි.
කුඹුරු ඉඩම්වල ජලය මෙතෙක් බැස ගොස් නැත.
පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල ජලාශයේ වාන් ජලය සහ මහවැලි ගඟ පිටාර ගැලීම මත තමන් මෙම ගැටලුවට මුහුණ දුන් බවත් මෙතෙක් රජයේ කිසිදු නිලධාරියෙක් සිය වගාවන්ට සිදුවු පාඩුව ගැන සොයා බැලීමට නොපැමිණි බවටත් ගොවීහු චෝදනා කරති.
පොහොර සහනාධාරයවත් තවමත් තමන්ට ලැබී නොමැති බව පවසන ගොවීන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනමින් වන්දි මුදල් ලබාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart