
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගූගල් සිතියම්(Google Maps) භාවිත කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයකු කඩාවැටුණු පාලමකින් පහළට ඇදවැටී මරණයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන් Google සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
47 හැවිරිදි ෆිලිප් පැක්සන් නැමති මෙම පුද්ගලයා 2022 සැප්තැම්බර් 30 වන දින උතුරු කැරොලිනාවේ හිකරි හි පැවැති ඔහුගේ වැඩිමහල් දියණියගේ නවවන උපන්දින සාදයට සහභාගිවී නැවත නිවස බලායෑමට Google Maps භාවිත කර ඇත.
එහිදී GPS යන්ත්රය ඔහුව දශකයකට පමණ පෙර කඩාවැටුණු පාලමකට යොමුකර ඇති අතර, එම අනතුරුදායක ස්ථානයෙන් පහළට ඇදවැටී දියේ ගිලී ඔහු මියගොස් තිබේ.
මෙම දෙදරු පියාගේ පවුල Google සමාගමට එරෙහිව පසුගිය අඟහරුවාදා වේක් ප්රාන්තයේ නඩුවක් ගොනුකළ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාගමට චෝදනා එල්ල කර ඇත.
පැක්සන්ගේ මරණයට පෙර වසර කිහිපය තුළ පාලම කඩාවැටීම සම්බන්ධයෙන් ප්රදේශවාසීන් Google සමාගමට දැනුම්දී ඇති නමුත් සමාගම සිය සිතියම්වල එම දත්ත යාවත්කාලීන කර නැත.
“අපට පැක්සන්ගේ පවුල ගැන ගැඹුරු අනුකම්පාවක් තියෙනවා. අපගේ ඉලක්කය සිතියම් තුළ නිවැරදි මාර්ගගත තොරතුරු සැපයීම වන අතර අපි මෙම නඩුව සමාලෝචනය කරමින් සිටිමු.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් Google සමාගම ප්රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart