
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ තොරතුරු තාක්ෂණ (IT) අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන වංචාවක් පිළිබඳව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනතුරු අඟවයි. මෙම ජාවාරමේ ගොදුරු බවට පත්වන්නන්, නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට බොහෝ දුරට මියන්මාරයට දේශසීමා හරහා රැගෙන ගොස්, දැඩි කොන්දේසි යටතේ වහල් සේවයේ යොදවන බව නිරීක්ෂණය කර ඇතැයිද තානාපති කාර්යාලය පවසයි.
මෙම වින්දිතයන්ගෙන් සමහරදෙනකු නීති විරෝධී ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට හසුවූ සියලුම ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත තායිලන්තයට පැමිණ ඇති අතර, ඔවුන්ට රැකියා වීසා ලබාදෙන බවට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති නමුත් එවැන්නක් සිදුව නොමැත. එබැවින්, එවැනි වංචනික රැකියා දීමනාවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන්ට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart