
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන ලද නව පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් එම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත්කර තිබිණි.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් කර තිබේ.
එම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ,
* ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
* අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම,
* අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කිරීම,
* අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,
* ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
* ආගමික හැඟීමක් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
* වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම,
* සාමය කඩකිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතවම නින්දා කිරීම,
* කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම,
* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
* ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම ආදිය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart