
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ ඇඟලුම් කර්මාන්තයේ අපනයන අදායම පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 23කින් පහත වැටී ඇත.
මීට පෙර වසර පහක කාලය තුළ අඩුම අගය වී ඇත්තේ, 2021 වසරේදී ඩොලර් මිලියන 425.75ක් වන අතර, එය මෙම වසරේ ජූනි මාසයේදී ඩොලර් මිලියන 401ක් දක්වා අඩු වී තිබේ.
2023 ජනවාරි සිට ජූලි දක්වා මාස හතක කාලය තුළ මුළු අපනයන අදායම 2022 වසරේ අදාළ කාලපරිච්ඡේදයට වඩා ඩොලර් බිලියන 2.68 ලෙස සියයට 19කින් අඩු වී ඇත.
2023 ජූලි මාසයේදී, අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය සියයට 18.70ක් ලෙස ඩොලර් මිලියන 173.7 දක්වා පහත වැටී තිබේ.
එක්සත් රාජධානිය වෙත නැව්ගත කිරීම් සියයට 31 සිට ඩොලර් මිලියන 51.5 දක්වා අඩු වී ඇති අතර, අනෙකුත් වෙළෙඳපොළවල් සඳහා අපනයනය ඩොලර් මිලියන 59 දක්වා සියටට 26කින් පහත වැටී ඇත.
එක්සත් ජනපදයට පළමු මාස හතේ අපනයනය ඩොලර් බිලියන 01 කින් අඩු වී ඇති අතර, යුරෝපය වෙත (එක්සත් රාජධානියට අපනයන හැර) සියයට 16 සිට ඩොලර් මිලියන 807 දක්වා සහ එක්සත් රාජධානියට සියයට 18 සිට ඩොලර් මිලියන 373.24 දක්වා අඩු වී තිබේ.
අනෙකුත් වෙළෙඳපොළවල් වෙත අපනයනය ඩොලර් මිලියන 431.7 දක්වා සියයට 11කින් පහත වැටී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart