
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් අනුරාධපුර බෝමළු විහාරයේදී පැවැත්වූ අවස්ථාවේදී ඔහු මෙසේ සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මෙන්ම අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ ද මෙම සාකච්ඡාවට එක් වූහ.
මෙම භූමිය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට ඓතිහාසික භූමියක් බවත්, එය රැකගැනීම රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු දෙයක් බවත්, පල්ලේගම හේමරතන හිමියෝ එහිදී සඳහන් කළහ.
මෙහිදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1947 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇමැතිවරයකුව සිටි කාලයේ සිටම අනුරාධපුරයෙන් සංවර්ධන කටයුතු වල සැලසුම් ආරම්භ කළ බවත්, අද දක්වා මෙය සාර්ථකව නිම කිරීමට අසමත් වී ඇති බවත්ය.
මෙය බෞද්ධ රටක් වුවත් මහා විහාරයේ දියුණුව තවමත් සම්පූර්ණ කිරීමට බැරි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එම නිසා මේ සියල්ල ඇතුළත් කර නීතියක් ගෙන එන බවත්, සංවර්ධන කටයුතු සඳහා සියලුම නිලධාරීන් ඇතුළත් කමිටුවක් පත් කරන බවත්, ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart