
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝහණ බැද්දගේ විසින් ගායනා කරන ලද ජනප්‍රිය අලුත් අවුරුදු ගීතයක් වන ‘සූරිය මංගල්ලේ’ ගීතයේ විකෘති පිටපතක් ගායනා කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ බව කියන වාරියපොළ ප්‍රදේශයේ 31 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියකු බව පැවසේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ නිතර විකාශය වන අදාළ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු කර ඇති බවට පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව 31 හැවිරිදි සැකකරු ඊයේ (16) වයඹ පළාත් ඒකකයේ වාරියපොළ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart