
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක කලාපවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර ඇමැතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ අන්තර්ගත නිර්නායකයන්ට අනුකූලව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට වගබලාගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අද (24) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නේය.
සංචාරක කලාප සඳහා නිකුත් කළ යුතු මෘදු මත්පැන් බලපත්‍ර ඊට පරිබාහිර ප්‍රදේශයවලට නිකුත් කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා සිල්වා මෙම ප්‍රතිඥාව ලබාදුන්නාය.
අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා රටබීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව දෙකක් ගොනුකළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart