
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් බේකරි නිෂ්පාදකයකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ බවට සැක කෙරෙන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මුලින් බේකරි හිමිකරුව දුරකථනයෙන් සම්බන්ධ කර ගෙන ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ උත්සවයක් සඳහා ආහාර ඇණවුමක් ලබා දීමට බව පවසමිනි.
පසුව ආහාර තවදුරටත් අවශ්‍ය නොවන බව හිමිකරුට දන්වා දී ඇති බැංකු ගිණුම් අංකයට මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දී තිබේ.
පසුව අදාළ බේකරි හිමිකරු තම ප්‍රධාන ගණකාධිකාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ එවැනි සිදුවීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ සිදුවන්නේද යන්න තහවුරු කරන ලෙසයි.
කිසිදු උත්සවයක් සැලසුම් කර නොමැති බව දැනගත් පසු, බේකරි හිමිකරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවට මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
නියෝජ්‍ය කොමසාරිස් අජිත් සිසිර කුමාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයට පැමිණිල්ලක් ගොනු කරන ලෙස දන්වා තිබීම නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මහනුවර, කොබ්බෑකඩුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි සැකකරු මීට පෙර පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කර ඇත.
මේ හා සමාන වංචනික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවීම නිසා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අධිකරණ ක්‍රියාමාර්ගයකට ද මුහුණ දී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart