
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය රට භාරගත් අවස්ථා කිහිපයකදීම විදුලි අර්බුද පැවැති නමුත්, එම පක්ෂය බලයට පැමිණීමෙන් අනතුරුව එම ගැටළු විසඳූ බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, 2022 වසරේ රනිල් වික්‍රමසිංග ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රට භාරගන්නා අවස්ථාවේදී ද පැය 14 ක විදුලි කප්පාදුවක් පැවැති බවයි.
එහෙත් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් අනතුරුව ගැටළුව කළමනාකරණය කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා පැවසුවේ, ඉකුත් දා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව ද විදුලිබල ක්ෂේත්‍රය තුළ නිසි කළමනාකරණයක් නොමැති වීම බවයි.
එමෙන්ම විදුලිබල ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart