
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන පවා යුක්තිය මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බව ආයුර්වේද වෛද්‍යවරු පෙන්වාදෙති.
ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කරන ලද්දේ, මෙවැනි ක්‍රියාවලින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හානියක් සිදුකරන බවයි.
හෙතෙම එහිදී මෙසේද සඳහන් කළේය.
“නීත්‍යනුකූල බලය ලත් ඖෂධ වන මදනමෝදකය සහ කාමේෂ්වර මෝදකය වගේ ඖෂධ පවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සේ සළකා අත්අඩංගුවට ගන්නවා. නීත්‍යනුකූලව පිළිගත් දෙයක් මත්ද්‍රව්‍ය ලෙස තීරණය කිරීමෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කරන යම්කිසි හානියක් වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල අනුමැතිය ඇති කණ්ඩායම්වලට අගතියක් නොවන පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. එසේ නොමැතිනම් ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා වැඩපිළිවෙළක් හදන්න කංසා අඩංගු ඖෂධ අත්අඩංගුවට ගැනීම සිදුකරනවානම්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart