
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලන්ඩනයේ සේවය කරන 55 හැවිරිදි ශ්‍රී ලාංකික කාර්යාල සහායිකාවකගේ අත්බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ලන්ඩනයේ සිට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණීමේදී සැකකරු විසින් ඇයගේ අත්බෑගය සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින මෙම කාන්තාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකිනි.
අදාළ කාන්තාවගේ අත්බෑගයේ පවුම් 2,700 (ආසන්න වශයෙන් රු. 1,423,500) ක මුදලක් සහ නවීනතම ජංගම දුරකතන 04 ක් තිබී ඇත.
යානය ගුවන් තොටුපොළට ගොඩබස්වා සුළු වේලාවකින් අත්බෑගය අතුරුදන් වී ඇති අතර, ඒ හේතුවෙන් එම කාන්තාව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
යානයේ සෝදිසියක් කළද අත්බෑගය සොයාගැනීමට නොහැකි වූ බැවින් ගුවන් නියමුවාට දැනුම්දීමෙන් අනතුරුව ඒ පිළිබඳ ගුවන් තොටුපලේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන්ද දැනුවත් කර තිබේ.
පසුව ගුවන් යානය ගුවන් තොටුපළේ රඳවා තබා ඇති අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විමර්ශකයන් ගුවන් තොටුපොළේ පොලිස් නිලධාරීන් සමඟ මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කර ඇත.
එහිදී යාපනයේ පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය ඇති 60 හැවිරිදි ගණකාධිකාරීවරයකු සන්තකයේ තිබී මෙම අත්බෑගය සොයාගෙන තිබේ.
අත්බෑගය සොයාගන්නා අවස්ථාව වන විට සැකකරු විසින් සොරාගත් මුදල්වල කොටසකින් විස්කි බෝතල් හයක් සහ සුවඳ විලවුන් බෝතල් තුනක් මිලදී ගෙන තිබුණු බව පැවැසේ.
ජංගම දුරකථන සමග ඉතිරි මුදල්ද අත්බෑගයේ තිබී සොයාගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය ඔහු සතු භාණ්ඩ ද සිය භාරයට ගෙන තිබේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart