
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මීට වසර 16කට පෙර රූපවාහිනි සංස්ථාවට කඩාවැදී එහි සිටි සේවකයන් පිරිසකට පහර දුන් බව කියන සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (07) නියෝග කර ඇත.
සිද්ධියේ තෙවැනි සැකකරු රට තුළ නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සිද්ධියේ දෙවැනි සැකකරු වන හිටපු ඇමැති මර්වින් සිල්වා අධිකරණ හමුවේ පෙනී සිට තිබේ.
එවකට රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටි ටී.එම්.ජී. චන්ද්‍රසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගෙන ඇත.
මෙම නඩුව සම්බන්ධයෙන් නීතිඥ ප්‍රබෝධ රත්නායක සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.
“2007 දෙසැම්බර් 27 වනදා අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික රූපවාහිනියට පැනලා පහර දෙනවා, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුනේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී. චන්ද්‍රසේකර, පහරදීමට හේතුව වුනේ ඊට කලින් දවසේ මාතර මහානාම පාලම විවෘත කිරීමේ උත්සවයේදී මර්වින් සිල්වා කරපු කතාව රූපවාහිනියේ රෑ 10 ප්‍රවෘත්ති වල පළනොකිරීම. අද 2023 නොවැම්බර් 07 අවුරුදු 16කට පසු තවමත් මේ ජෙෂ්‍යඨ මාධ්‍යවේදියා උසාවි එන්නේ තමන් සිදු කරපු ඒ පැමිණිල්ලට සාධාරණයක් ඉටු කරගන්න. යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ වරද කරපු අය දඩුවම් නොලබා ඉන්න Impunity සංස්කෘතිය රටේ තව තවත් වැඩි වෙනවා කියන එක.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart