
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයෙන් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහනවලට (EV) අමතරව, එරට නිෂ්පාදිත දෙමුහුන් (Hybrid) මෝටර් රථ සඳහා ද විශේෂ ‘ප්‍රතිතුලන තීරුබදු’ පැනවීමට යුරෝපීය කොමිසම රහසිගතව සැලසුම් කරමින් සිටින බව ජර්මනියේ ප්‍රකට Handelsblatt පුවත්පත අනාවරණය කරයි.
යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රධානීන් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර තිබේ.
මෙම නව බදු පැනවීමට අදාළ සියලු තාක්ෂණික සහ පරිපාලනමය කටයුතු යුරෝපීය කොමිසම මේ වන විටත් සූදානම් කර ඇති අතර, යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල බහුතර එකඟතාව ලැබුණු වහාම එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලොව පුරා සීඝ්රයෙන් වෙළඳපොළ ආක්‍රමණය කරමින් සිටින චීනයේ ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් වන BYD, Chery සහ SAIC යන සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම අතිරේක තීරුබදු පැනවීමට නියමිත බව වාර්තාවල සඳහන් වේ.
යුරෝපා සංගමය විසින් චීන විද්‍යුත් වාහන සඳහා 2024 වසරේ සිටම මෙවැනි බදු පනවා තිබූ අතර, නව පියවරත් සමඟ චීන හයිබ්‍රිඩ් රථවලට ද යුරෝපා වෙළඳපොළ තුළ දැඩි බාධා එල්ල වනු ඇත.
චීනය සමඟ පවතින දැවැන්ත වෙළඳ හිඟය අවම කර ගැනීම සහ ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනය මත යුරෝපය සතු අධික රඳා පැවැත්ම සීමා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
විශේෂයෙන්ම නූතන කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය වන ‘දුර්ලභ ඛනිජ’ ඇතුළු අනෙකුත් සැපයුම් සම්බන්ධයෙන් චීනය සතු ඒකාධිකාරය පාලනය කිරීම සඳහා ගත යුතු දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපා සංගමයේ නායකයින් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකදී ද දීර්ඝ වශයෙන් අවධානය යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart