
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් රෝහල් පරිපාලනයට සම්බන්ධවීම හේතුවෙන් සුළු සේවකයන් 200කට ආසන්න පිරිසකට කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරගෙන යෑමට නොහැකිව තමන්ට විරෝධය පළකිරීමට පටන් ගත් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
ඔහු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමාගේ ඉල්ලීම පරිදි පොලිස්පතිවරයා ජාතික රෝහලට පැමිණ පොලිස් ඒකකයක් පිහිටුවා රෝහලේ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු කළ බවයි.
“මම රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමට කටයුතු කරද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සුළු සේවකයන් එකතුවෙලා මාව එළවන්න විරෝධතා සංවිධානය කළා” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පොලිස් බුද්ධි අංශයත් රෝහල තුළ ක්‍රියාත්මක වෙනවා. බොහෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් රෝහල ඇතුලේ මත්ද්‍රව්‍ය ගන්නවා, ව්‍යාපාර කරනවා, ඔවුන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු රෝගීන්ගේ කටයුතු කරනවා” යැයි වෛද්‍ය බෙල්ලන සඳහන් කරයි.
“බොහෝ රෝගීන් තමන්ගේ ඇතැම් භාණ්ඩ සොරකම් කරන බවට රෝහල් පරිපාලනයට පැමිණිලි කරනවා. රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට අයත් ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු ද්‍රව්‍යද කොල්ලකනවා. රෝහල අසල නවතා ඇති වාහනවල කොටස් සොරකම් කරනවා”ඔහු පවසයි.
“රෝහලේ පොලිස් මුරපොළ පිහිටුවීමෙන් පසු එය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන සුළු සේවකයන්ට සහ රෝහල අවට ත්‍රිරෝද රථ මාෆියාවට සෘජුවම බලපා තිබෙනවා.”
එබැවින් මෙම සුළු සේවක පිරිස රෝහලින් ඉවත් කිරීමට රජය වහා පියවර ගත යුතු බවට වෛද්‍ය බෙල්ලන ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart