
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, ඉපැරණි වත්පිළිවෙත් වලට අනුව කප් සිටුවීම සඳහා ‘කප කැපීම’ රාජ්‍ය වර්ෂ 2023ක් වූ නිකිණි මස 16 වෙනි දින හෙවත් අද අලුයම 5.10 ට යෙදුණ සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙර තිබේ.
එය සිදුකර ඇත්තේ, මහා දේවාලය හෙවත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙනි.
අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙනවිත් තිබේ.
අද පස්වරු 04.10 ට සිව්මහා දේවාල වෙත කප බෙදාදෙනු ලබන අතර, හෙට (අගෝ. 17) දින පෙරවරු 06.12 යෙදෙන සුබ මොහොතින් එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතය.
සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනු කණුවය.
‘කණුවක් සිටුවා කැපවෙමි’ යන අර්ථයෙන් ‘කප් සිටුවීම’ නමැති චාරිත්‍රය එදා සිට අද දක්වා නොනැසී පවතී.
මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන නමුත්, දළදා මැදුරේ කප් සිටුවීමක් සිදුනොවේ.
එය සිදු කරනු ලබන්නේ මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart