
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සති කිහිපයක සිට ඇති වූ භූමිකම්පා හේතුවෙන් නිරිතදිග අයිස්ලන්තයේ රීක්ජාන්ස් අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබේ.
රීක්ජාන්ස් අගනුවර අවට කලාපය තුල ඔක්තෝබර් අග සිට භූමිකම්පා වැඩි වශයෙන් ඇති වී තිබෙන බවටද වාර්තා වේ.
ලාවා තත්පරයට ඝන මීටර් 100ත් 200ත් අතර ප්‍රමාණයකින් ගලායන අතර ගිනි කන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5ක් පමණ වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී ඇති අතර මෙය මෑත වසරවලදී Reykjanes අර්ධද්වීපයේ සිදුවූ පිපිරීම්වලට වඩා කිහිපගුණයකින් විශාල බව සදහන් වේ.
එහි ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් බීබීසීයට පවසා ඇත්තේ, මෙම පුපුරා යෑමෙන් “නගරය දෙසින් ඇති අහසෙන් අඩක් රතු පැහැයෙන් ආලෝකමත් වූ බවත්, දුමාරයක් වාතයට ගලාඑන බවත්” ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart