
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩුවක් රැගෙන කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව කියන 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (14) ගිය එරාවූර් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී තුවාල කිරීම හේතුවෙන් කොස්තාපල්වරයා මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයාගේ හිසට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන එම තරුණයා කඩුව ද සමඟ අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් තරුණයා ළඟ තිබී ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 800ක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගංජා පානය කිරීමට තදින්ම ඇබ්බැහි වී සිටින අයකු බව පෙනීයන්නේ යැයි පොලිසිය පවසයි.
කඩුවක් අතැතිව සිටින තරුණයකු මඩකළපුව එරාවුර් අම්මාන් පුරම් ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත කොස්තාපල්වරයා, සැරයන්වරයකු සමග එහි ගොස් ඇත.
කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව කියන මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ කොස්තාපල්වරයාගේ හිසට බෝතලයකින් පහර දී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.
පොලිස් සැරයන්වරයා මෙම තරුණයා අල්ලා මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එරාවුර් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart