
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
EPIGS’25- ග්ලෝබල් සවුත් අඛණ්ඩතා සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (11), කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
EPIGS’25 යනු කොළඹ කේන්ද්‍ර කරගත් ආසියා-පැසිෆික් කලාපය පිළිබඳ අවධානය යොමු කරන Factum පර්යේෂණ ආයතනය විසින් ඩිමොක්රසි රිපෝටින් ඉන්ටර්නැෂනල් (Democracy Reporting International) හා එක්ව යුරෝපා සංගමයේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලබන මැතිවරණ අඛණ්ඩතාව පිළිබඳ අන්තර්ජාතික සමුළුවකි.
මෙවර සමුළුවේ ප්‍රධාන තේමා ලෙස ඉදිරිපත් කර ඇති මැතිවරණ අඛණ්ඩතාව, තොරතුරු අඛණ්ඩතාව මෙන්ම ඩිජිටල් ආරක්ෂාව යනු, තාක්ෂණය, ප්රජාතන්ත්රවාදය සහ පාලනය යන අංශ අතර පවත්නා සම්බන්ධතාව හඳුනා ගැනීමට වඩාත් කාලෝචිත අවශ්‍යතාවක් බව සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ අතර, වත්මන් ඩිජිටල් යුගය තුළ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන් අතර සිදුවන ගැටළු විසඳා ගැනීම සඳහා ගෝලීය දකුණු කලාපයෙන් ලැබෙන නායකත්වය දිරිමත් කිරීමට Factum ආයතනය දරන උත්සාහය පැසසුමට ලක් කළ යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙවර EPIGS’25 සමුළුව මඟින්, ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණු කලාපීය රටවල් 12කට අධික සංඛ්‍යාවක සිට පැමිණෙන ඩිජිටල් අයිතිවාසිකම් සහ තාක්ෂණික ප්‍රතිපත්ති විශේෂඥයන්, ජනමාධ්‍ය සංවර්ධන නිලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන්, සිවිල් සමාජ සංවිධාන, ජනමාධ්‍යවේදීන් සහ තාක්ෂණික විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් යුගයේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන්හි අඛණ්ඩතාව පිළිබඳව සාකච්ඡාක නිරත වනු ඇත.
මෙම අවස්ථාවට සිවිල් සමාජ ක්‍රියාකාරීහු සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart