
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිසර ඇමැති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට ගත් තීරණය වලංගු සහ නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඊට අදාළ නඩුව අද (ඔක් 06) විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
පසුගිය ආණ්ඩුව යටතේ 2022 අප්‍රේල් මාසයේදී පරිසර ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නසීර් අහමඩ්ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.
ඔහු 2020 දී 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට ආණ්ඩුවට සහාය පළකළ අතර, මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරයට එරෙහිව 2022 අයවැයට පක්ෂවද ඡන්දය ප්‍රකාශ කළේය.
මෙම හේතූන් මත නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපීමට මුස්ලිම් කොංග්‍රසය කටයුතු කර තිබේ.
ඔහු මුස්ලිම් කොංග්‍රසය යටතේ මැතිවරණයට ඉදිරිපත් වී මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වී ඇත.
කෙසේ වෙතත්, අද ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කුමක් සිදුවේද යන්න අපැහැදිලිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart