
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති Luis Rubiales විසින් තොල් සිපගැනීම පිළිබඳ තමන් නොසතුටෙන් පසුවන බව ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆර් හර්මොසෝ අවධාරණය කරයි.
කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය විසින් එංගලන්තය පරාජය කිරීමෙන් පසු ත්‍යාග ප්‍රදානය සිදුවන අතරතුර වේදිකාවේදී මෙය සිදුවිය.
ෆිෆා සභාපති Gianni Infantino,විසින් ඇයගේ පදක්කම ලබා දීමෙන් පසු, ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයා හර්මෝසෝ වැළඳ ගන්නා ලද අතර, ඔහු ඇයව දෙපයින් එසවීය.
ඇගේ පිටෙන් අල්ලාගෙන කෙටි සංවාදයක නිරත වීමෙන් අනතුරුව Luis Rubiales විසින් හර්මොසෝගේ තොල් සිප ගන්නා අයුරු දැකගත හැකි විය.
එම මොහොත ගැන විමසූ විට, ස්පාඤ්ඤ රූපවාහිනී ජාලයක් වන La 1 වෙත හර්මෝසෝ පැවසුවේ: “ආ… ඔව්, මම එ් ගැන සතුටු වන්නේ නැහැ.” යනුවෙනි.
පාපන්දු සභාපතිවරයාගේ මෙම නොගැලපෙන හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ද ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart