
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මොරටුව දිසා අධිකරණය මගින් අද (16) වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ.
ඒ චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යන ටෲත් විත් චමුදිත සමරවික්‍රම නම් යූටියුබ් නාලිකාව ඔස්සේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීම වළක්වාලමිනි.
අදාළ යූටියුබ් නාලිකාව විසින් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව ඉදිරිපත් කරන ලද කරුණු හේතුවෙන් සිදුවූ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ගොනුකර තිබූ නඩුවක් අද කැදවූ අවස්ථාවේදී මොරටුව දිසා අධිකරණය විසින් මෙම වාරණය නියෝග නිකුත් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart