
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව අධිකරණය මඟහරිමින් සිටින සැකකාරියක වන ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ, ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තබා තිබුණේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක විසිනි.
සැකකාරිය අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විටත් වරෙන්තු නිකුත් කර ඇත.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ විවෘත අධිකරණයේ පෙනීසිටි අතර, ඇපකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ අද දින රුපියල් මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවීමට සූදානම් බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අද දින රුපියල් මිලියන 20 ක මුදල අධිකරණයට භාරදෙන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20 ක ඇප මුදල ලබන ඔක්තෝබර් 17 වන දින ගෙවා අවසන් කරන ලෙසත් නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart