
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 14 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය නම් කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පසුගියදා අවසන් වූ ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අතේ කුඩා ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් එංගලන්ත නිත්‍ය ආරම්භක පිතිකරු Zak Crawley හට මෙම තරගාවලිය අහිමි වනු ඇත.
බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා වන ටෙස්ට් සංචිතයේ සිටි සීමර් ඩිලියන් පෙනින්ටන් ද ඉවත් කර ඇත.
‘ද හන්ඩ්‍රඩ්’ තරගයට ක්‍රීඩා කරමින් සිටියදී මස්පිඬු ආබාධයකට ලක්වීමෙන් ඔහුට තරගාවලිය අහිමි වී තිබේ.
ඔවුන් වෙනුවට ජෝර්ඩන් කොක්ස් සහ ඔලි ස්ටෝන් සංචිතයට කැඳවා ඇත.
එමැදපෙළ පිතිකරුවකු වන කොක්ස්, පසුගිය වසරේ පකිස්ථාන සංචාරයේදී එංගලන්ත සීමිත ඕවර කණ්ඩායමේ සාමජිකයකු ලෙස ද සිට තිබේ.
කොක්ස් මෙම වාරයේ ප්‍රාන්ත ශූරතාවලියේදී එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වී ඇති අතර, ඔහු සිය සාමාන්‍ය 69.36ක් ලෙස සටහන් කර ගනිමින් ලකුණු 763ක් ලබා ගත්තේය.
ඔහුට අමතව ස්ටෝන් 2021න් පසු එංගලන්ත කණ්ඩායමට නැවත පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ඔහු ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 10ක් දවාගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය 19.4කි.
දෙපිල අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වේ.
මෙම තරඟාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වනු ඇත.
ශ්‍රී ලංකාව ලකුණු 50ක ප්‍රතිශතයක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගමාලාව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමත් සමග හයවැනි ස්ථානයේ පසුවේ.
එංගලන්තය නම් කර සිටින සංචිතය මෙසේයි;
බෙන් ස්ටෝක්ස් , ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බෲක්, ජෝර්ඩන් කොක්ස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප්, මැතිව් පොට්ස්, ජෝ රූට්, ජේමි ස්මිත්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart